Spread the love

වව්නියව , කැබිතිගොල්ලෑව , හොරොව්පතාන සහ මැදවච්චිය ප්‍රදේශයන් වෙතට ඊයේ (18) රාත්‍රියේ භූ කම්පනයක් සිදුව ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය පෙන්වා දෙයි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේ, ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ මෙම භූකම්පනය සිදුව ඇති බවත් එය රික්ටර් මාපකයේ ඒකක 2.3 ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේය.

එම කාර්යංශය සඳහන් කළේ, මෙම භූකම්පනය පල්ලකැලේ, මහකනදරාව සහ හක්මන යන භූකම්පන මධ්‍යස්ථානවල සටහන් ඇති බවටය.

වව්නියාව ප්‍රදේශවාසීන් භූකම්පනය සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළේය.

‘ අපි රෑට නිදාගන්න යනකොට අපේ වහලම දෙදරන්න ගත්ත විනඩි 3 ක් විතර ඉස්සර යුද්දෙ කාලෙට බෝම්බයක් පිපුරුණහමත් මේ විදිහට තමයි වහලය දෙදරුවේ අපිට හිතගන්න බැරිවුන මොකද්ද මේ කියලා විනඩි 3 ක් විතර තමයි එහෙම තිබුනේ.

‘අපි මේ පැත්තට භූ කම්පනයක් ගැන අහලවත් තිබුනේ නෑනේ ඉතිං නිදාගෙන ඉන්න කොට වහලය දෙදරන්න ගත්තා බල්ලෝ බිරුවා විනඩි කීපයක් තිබුනා උදේ තමයි දන්නේ භූකම්පනයක් කියලා. යනුවෙනි.