කෘෂි භෝග සඳහා හානි කරන සතුන්ගේ සම්පූර්ණ කරන ලද සංගණන පත්‍රිකා භාර ගැනීම අද නාවලපිටිය මැදගහවතුර විහාරස්ථානයේදී ජාතික ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මියගේ අධීක්ෂණයෙන් අද (15) පැවැත්විණි.
මෙම සංගණනය නිසි අධ්‍යනයකින් පසුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඒ සම්බන්ධ විද්වතුන්ගේ උපදෙස් මත රජය විසින් සිදු කළ බව එතුමිය ප්‍රකාශ කළ සිටියාය.
කිසිදු දේශපාලන දැක්මක් නැති තමන්ගේ පැලැන්තිය පරම්පරාව ගැන පමණක් හිතන තමන්ගේ යැපීමට දේශපාලනය කරන පිරිසක් මේ රට පාලනය කිරීමට හේතුව වූයේ බටලන්ද වධකාගාර ය වැනි අනීතික ක්‍රියානිසා දේශපාලන සිටිය යුතු තරුණ පරම්පරාව දේශපාලනෙන් ඉවත්වීම නිසා බවත් තමන්ට ආණ්ඩු බලය ලැබුණු ප්‍රථම අවස්ථාවේ දීම බටලන්ද කොමිෂන් වාර් ථාව සභාගත කිරීම ට හැකි වූ බවත් අහස පොහොලව නුහුලන මහා මිනිස් ඝාතනය පිළිබඳ අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවත් ප්‍රකාශ කර සිටියාය .