Spread the love

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ලබන සඳුදා දිවයින පුරාසිටින වනජිවී නිලධාරීන් සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.

වනජිවී නිලධාරීන්ගේ සේවය ඇගයීමට ලක් නොකිරීම ඇතුලු රාජකාරියේදී පවතින ගැටළු කිහිපයකට විරෝධය පල කරමින් මෙම පියවර ගන්නා බවයි සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක පවසන්නේ.

මේ වනවිට රාජකාරියේ නිරතව සිටියදී වනජිවී නිලධාරීන් 85 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් 23 දෙනෙකු වන අලි ප්‍රහාර වලින් මියගොස් ඇති බව ද පැවසුවේය.