Spread the love

ඉහල ගොස් ඇති ජිවන වියදම හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 2000 දක්වා වැඩි කරන ලෙස බල කරමින් සමස්ත ලංකා වතු කම්කරු සංගමය හැටන් බස් නැවතුම්පොලේ අත් පත්‍රික බෙදා දිමක් සිදු කරනු ලැබුහ.

සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ උප ලේකම් කලෙයි චෙල්වි මෙනවියගේ ප්‍රධානත්වයෙන් අත් පත්‍රික බෙදා දිමේ වැඩසටහන දියත් කරනු ලැබුහ.

අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කලද වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමට අයවැය තුලින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනිම හමුවේ එම ජනතාව මේ වන විට දැඩි පිඩාවට පත් වි ඇති බවත්, ඒ අනුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 2000 දක්වා වැඩි කිරිමට රජය පියවර ගත යුතු බවයි සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ උප ලේකම්වරිය කියා සිටියේ.

වතු කම්කරුවන්ගේ වැටුප රු 2000 දක්වා වැඩි කරන ලෙසට රජයට බල කරමින් වතුකරය පුරා සිටින ජනතාව දැනුවත් කිරිමට සමස්ත ලංකා වතු කම්කරු සංගමය මෙවැනි වැඩසටහන් අඛණ්ඩව පවත්වන බවද උප ලේකම්වරිය වැඩිදුරටත් පැවසිය.