නාගොඩ සුමන
ගංවතුර ,ජල ගැලීම් ඇතුළු විවිධ ආපදා හේතුවෙන් ගොවීන් 35000කට පමණ බලපෑම් එල්ලවී ඇතිබව කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා පැවසීය.
මඩකලපුව ,අම්පාර ,ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වල කුඹුරු අක්කර රැසක් ජලයෙන් යටවී තිබේ.
තවදුරටත් ඇතැම් කුඹුරු ජලයෙන් යටවී තිබේ.
ජලය බැසයාමත් සමඟ වගා බිම් වෙතගොස් අදාළ වගාහානි තක්සේරු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව පැවසීය.
යම් හානියක් සිදුව ඇත්නම් ඒ සඳහා වන්දි ගෙවීමට කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.
–