Spread the love


, ලොව හොදම ඩෙංගු ප්‍රතිකාර සේවාව සපයන ඩෙංගු සහ ඩෙංගු රක්තපාත උණ සදහා වු සායනික කළමනාකරණ මධ්‍යස්ථානය මීගමුව ඩෙංගු රක්තපාත සායනික කළමණාකරණ මධ්‍යස්ථානය බව .සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා පවසයි.

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථාපිත කර ඇති ඩෙංගු සහ ඩෙංගු රක්තපාත උණ සදහා වු සායනික කළමනාකරණ මධ්‍යස්ථානයේ වත්මන් ප්‍රතිකාර සේවාව ක්‍රියාත්මක වන ආකාරය හා එම මධ්‍යස්ථානයේ ඉදිරි කටයුතු පිළිබදව සොයා බැලීම සදහා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා ඊයේ (02) දින මධ්‍යස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වු අවස්ථාවේ මේ බව ප්‍රකාශ කළේය.
විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සෞඛ්‍ය ලේකම් ධූරයට පත් වු පසු රෝහලක සිදු කල පළමු නිරීක්ෂණ චාරිකාව මෙය වු අතර ඩෙංගු සහ ඩෙංගු රක්තපාත උණ සදහා වු සායනික කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණයෙන් අනතුරුව සෞඛ්‍ය ලේකම්වරයා ළමා රෝග ප්‍රතිකාර වාට්ටුවල ද නිරීක්ෂණයක නිරත විය.
ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් මත 2013.07.13 වන දින සුව සේවා සත්කාරයට එක් වු මෙම මධ්‍යස්ථානය මගින් මේ වන විට රෝගීන් 16000 කට අධික ප්‍රමාණයකට ප්‍රතිකාර සිදු කර සුවපත් ඇත. සියලුම වයස් කාණ්ඩ වල ඩෙංගු රෝගීන් හට ප්‍රතිකාර ලබා දීම සදහා වෙන් වු ලොව පළමු , හොදම මධ්‍යස්ථානය ලෙස මෙය හැදින්විය හැක.
කායික හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයෝගී අධීක්ෂණය යටතේ විශේෂ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහයෝගීත්වයෙන් රෝගී සත්කාර සේවා පවත්වාගෙන යාම, රෝගීන් ඇසුරු කිරීමෙන් ඩෙංගු රෝගී ප්‍රතිකාර ක්‍රම පිළිබද ප්‍රයෝගික පුහුණුව හා අධ්‍යාපනයක් වෛද්‍යවරුන්, හෙද කාර්යමණ්ඩලය ඇතුළු අනෙකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩල වලට ලබා දීම, ඩෙංගු රෝගී ප්‍රතිකාර විධි පිළිබදව පර්යේෂණ හා අධ්‍යනය සිදු කිරීම මෙම ඩෙංගු සහ ඩෙංගු රක්තපාත උණ සදහා වු සායනික කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රමුඛ කාර්ය වේ.