Spread the love


නිමල් රාජපක්ෂ-

සෝමාලිය මුහුදු කොල්ල කරුවන් විසින් පැහැරගත් ලොරෙන්සෝ පුතා 4 ධීවර යාත්‍රාවේ සිටින ධිවරයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනිමට පියවර ගන්නවා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි..
දැනට සිසෙල් රට භාරයේ ඇති ධීවර යාත්‍රා සහ ධීවරයන් එරට සුරක්ෂිතව රැදි සිටින අතර බෝට්ටුව තුළ ආහාර පිසිම ආදිය සිදු කර ගැනිමට නොහැකිව ඇත. ඔවුන්ට බාහිරින් මුදලට ආහාර ලබා ගැනිමට සිදුවි ඇතිබවත් ඒ සදහා ඔවුන් සතුව මුදල් නොමැති විමෙන් මහත් අසිරුතාවයකට පත්ව ඇති බව යාත්‍රාවේ හිමිකරු මිල්රොයි පෙරේරා පවසා තිබේ.
නැවත මෙම යාත්‍රාව ශ්‍රි ලංකාවට ගෙන එම වෙනුවෙන් රුපියල් ලක්ෂ 15 ක ඉන්ධන වැය වන අතර එවැනි විශාල මුදලක් තමන්ට මේ මෙහොතේ දැරිය නොහැකි බැවින් ඒ සදහා අමාත්‍යංශයෙන් යම් සහනයක් අපේක්ෂා කරන බවද දැනට බෝට්ටුවේ තිබෙන මත්ස්‍ය තොග අලෙවි කර එම මුදල පියවිමට තමන්ට හැකිබවද අමාත්‍යවරයාට පවසන ලදි.
මෙහිදි අමාත්‍යවරයා සිසෙල් රාජ්‍යයෙ රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග දුරකථනයෙන් සාකච්ඡා කර එම යාත්‍රාවේ සිටින ධීවරයන් සදහා අවශ්‍යය පහසුකම් සැලසිමට අවශ්‍ය කටයුතු
සිදු කිරීමට පියවර ගැණේ.