Spread the love

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ ප්‍රධානම කමිටු තුනක්ද අහෝසි වීමට නියමිතව තිබේ.

රාජ්‍ය මුදල් කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව, පොදු ව්‍යාපාර කාරක සභාව යන කාරක සභා අහෝසි වීමත් සමඟ හර්ෂ ද සිල්වා, ලසන්ත අලගියවන්න හා රංජිත් බණ්ඩාර යන මහත්වරුන් ඒවායේ දරණ සභාපති ධුරද අහෝසි වෙයි.

නව පාර්ලිමේන්තුව සැසිය කැඳවීමත් සමඟ මෙම කමිටු සඳහා අලුතින් සාමාජිකයන් පත් කිරීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ දැනට ක්‍රියාත්මක කමිටු රැසක් අහෝසි වීමට නියමිතව තිබේ.