Spread the love

රියදුරු බලපත්‍ර ලබාදීමේ ලිඛිත පරික්ෂණයන් Online ක්‍රමවේදය ඔස්සේ පැවැත්වීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව තිරණය කර ඇත.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල සමඟ සම්බන්ධවී එකම වේලාවක පැවැත්වීම කෙරෙහිද මෙහිදී අවධානය යොමුවි තිබේ .
රියදුරු බලපත්‍රයේ පවතින ගැටළු හේතුවෙන් ස්මාර්ට් කාඩ් පත නිකුත් කිරීමට ද කඩිනම් වැඩ පිළිවෙලක් දියත් කිරීමට නියමිතය.
මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තුමේන්තුවේ දැනට පවතින ගැටළු සම්බන්ධයෙන් එම දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් හා ප්‍රවාහන ඇමතිවරයා සමග සාකච්ජාවකින් පසු මෙම තීරණය ගෙන ඇත.