Spread the love

ඉදිරිපත්ව සිටින හන්සීර් අසාද්, වසර විස්සකට වැඩි කාලයක්, රාජපක්ෂවරුන්ගේ අභ්‍යන්තර කවය සමග සම්බන්ධ වී සිටි අයෙකි.

ලසන්ත ඝාතනය කිරීමට මැදිහත් වූ බවට චෝදනා එල්ල වී තිබෙන, ට්‍රිපෝලී නමින් හැදින්වෙන එම ප්ලැටූනය ගොඩ නගන්නැයි, ආරක්ෂක ලේකම් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල පිරිස් වෙත නියෝග ලබා දුන් කාමරයේ තමන්ද සිටි බව හන්සීර් අසාද් පවසයි.

මෙම වාර්තා වැඩසටහන ත-ුළ දී, හන්සීර් අසාද් මවුලානා විසින් සිදු කරන වඩාත්ම ආන්දෝලනාත්මක හෙළිදරව්ව වන්නේ, 2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාරයට හරියටම වසරකට පෙර, 2018 වසරේ දී, ප්‍රහාරය එල්ල කළ තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් සහ රාජපක්ෂවරුන්ගේ හමුදා බුද්ධි ප්‍රධානියා වූ සුරේෂ් සලෙයි අතර හමුවක් තමන්ගේ මැදිහත් වීමෙන් සංවිධානය කළ බවයි.

කෙසේ වෙතත්, 2015 වසරේ, මහින්ද රාජපක්ෂගේ පරාජයට පසුව, මැලේසියාවට යවා සිටි සුරේශ් සලෙයි එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. හන්සීර් අසාද් මවුලානා පවසන එම හමුවට තමන් සහභාගී නොවූ බවත්, ඒ වන විට තමන් සිටියේ මැලේසියාවේ බවත් සලෙයි පවසයි.

කතෝලික දේවස්ථාන වෙත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට, ඉන්දීය බුද්ධි අංශ විසින් ලබා දී තිබුණු තොරතුරු මත ක්‍රියාත්මක වී එම ප්‍රහාර වළක්වා ගැනීමට ලංකාවේ අදාල පාර්ශ්ව කටයුත-ු කර නැත.

එමෙන්ම, තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් අත් අඩංගුවට ගැනීම පොලිසිය ගත් උත්සාහයන්, හමුදා බුද්ධි අංශ මගින් කරන ලද පැටලැවිලි හේතුවෙන් කඩාකප්පල් වී තිබේ.

ඊට අදාල වාර්තා සහ තවත් තොරතුරු ලබා දෙන්නෙකු විසින් ලබා දී තිබෙන තොරතුරු, චැනල් ෆෝ වාර්තා චිත්‍රපටය තුළ ඇතුළත් ය.

මීට අමතරව, පාස්කු ඉරිදා මීගමුවේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් දෙදෙනෙකු සමග කර තිබෙන සම්මුඛ සාකච්ඡාවක්ද චැනල් ෆෝ වාර්තා වැඩසටහනට එකතු වී තිබේ.

පාස්කු ප්‍රහාරය එල්ල වී තවත් මාස කිහිපයකට පසුව, විශාල ජාතිවාදී රැල්ලකින් ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි අතර, ඔහු, නැවත, සුරේශ් සලෙයි, ඔහුගේ බුද්ධි ප්‍රධානියා ලෙස පත්කර ගත්තේ ය.

චැනල් ෆෝ වාර්තා වැඩසටහන තුළ පෙනී සිටින, නිර්නාමික රහස් හෙළිකරන්නෙකු පවසන්නේ, පාස්ක-ු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතු සදහා සුරේශ් සලෙයි බාධා කළ බවට ඕනෑ තරම් සාක්ෂි ඇති බවයි.

නමුත් සුරේශ් සලෙයි, ඔහුට එරෙහිව එල්ල වී තිබෙන මේ සියළු චෝදනා ප්‍රතික්ෂේප කරමින් සිටින අතර, ඔහු අදටත් හමුදා බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියි.