Spread the love

නාගොඩ- සුමන

මෙවර මහ මැතිවරණයේදි ලක්ෂ 80කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා බව ජාතික ජන බලවේගය පක්ෂයේ ජාතික සංවිධායක සභික රත්න ගමගේ මහතා ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පැවසීය.

ඒ අනුව ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටුවන බවත් මේවන විට සියලු ජනතාව ජාතික ජන බලවේගය වටා එක්ව සිටින බවත් පැවසීය.

ජීවන වියදම ඉහළ යාමට එරෙහිව එදා පැවති උද්ඝෝෂණ සඳහා පැමිණියේ සුළුතර පිරිසකි.

03% අඩු ඡන්ද ප්‍රතිශතයක් පැවති ජාතික ජනබලවේගය ජනාධිපතිවරණයේදී 42% වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය.

අනෙකුත් සියලු පක්ෂ දිනෙන් දින පිරිහෙමින් පවතියි.

දූෂිත දේශපාලන රටින් ඉවත් කිරීමට මෙවර මහ මැතිවරණය අඩිතාලමක් වනු ඇතිබව වැඩිදුරටත් පැවසීය.