Spread the love

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ආසන 32 බස් රථ 500ක් මිලදී ගැනීමේදී බස් රථයක ඇස්තමේන්තුගත වූ රුපියල් මිලියන 5කට වඩා වියදම් කර, බස් රථයක් රුපියල් මිලියන 11.07 ක් බැගින් මිලදී ගැනීම නිසා රුපියල් මිලියන 3010 ක මුදලක් වැඩිපුර ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

බස් රථයක ඇස්තමේන්තුගත මිල වන රුපියල් මිලියන 5ක් වන අතර, ඒ අනුව ආසන 32 බස් රථයක් ඇස්තමේන්තුගත මිලට වඩා රුපියල් මිලියන 6.02 ක වැඩිපුර මුදලක් ගෙවා මිලදී ගෙන ඇති බව එම විගණන වාර්තාවේ සඳහන් වේ.

ඉන්දියානු අශෝක් ලේලන්ඩ් ණය ගිවිසුම යටතේ 2023 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා රජයට ලැබුණු ණය මුදලින් ඩොලර් මිලියන 20 ක ණය මුදලක් උපයෝගී කර ගෙන 2023 ජනවාරි මස අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දුන් ආසන 32ක නව බස් රථ 500ක් රජයට ලබා දීමට තීරණය කරන ලදී.

චක් බස් රථයක් ඇමරිකානු ඩොලර් මිලියන 28,500කට අශෝක් ලේලන්ඩ් සමාගම වෙත ප්‍රසම්පාදන පිරිනමා ඇත. මෙම බස් රථ 500 සඳහා ගෙවා තිබුණු මුදල රුපියල් මිලියන 5513ක් බව විගණනය මගින් අනාවරණය කර තිබේ.

වක් බස් රථයක වටිනාකම රුපියල් මිලියන 11.02කි. තාක්ෂණික දෝෂ වගකීම් කාලයේදී සිදු කර දෙන බවට අශෝක් ලේලන්ඩ් සමාගම විසින් සඳහන් කර තිබුණි. බස් රථ මිලදී ගත යුත්තේ මගී ජනතාවට සුව පහසු වන අයුරින් ගමන් කිරීමට හැකි වන අයුරින් බවද විගණනය මගින් නිර්දේශ කර ඇත.