Spread the love

රට තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කර එය අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම නීතියෙන් ද සිදු කිරීමට අපේක්ෂා කරන බව කිවයුතුයි. එම නීතිය මෙම අප්‍රේල් මාසය පමණ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රජයේ මූල්‍ය පාලනය සඳහා තව නීතියක් ගෙන එන අතර මේ නව නීති තුළින් ආර්ථික කටයුතු ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙනු ඇතියි.

පසුගිය කාලයේ රට මුහුණ පෑ ආර්ථික අභියෝගය හමුවේ රටේ සියලු ජනතාව පීඩාවට පත් වුණා. එසේ නම් ගොඩනැගෙන ආර්ථිකයේ ප්‍රතිලාභය කිහිප දෙනෙකුට පමණක් නොවෙයි සියලු ජනතාවට හිමිවිය යුතුයි.

මංගෙදර ටැම්පිට පුරාණ විහාරාධිපති, විශ්‍රාමික පරිවේණාධිපති, ප්‍රවීන ආචාර්ය, ශාස්ත්‍රපති, කෑගල්ල මහ දිසාව ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය වැලිවිට ශ්‍රී ජනානන්දාභිධාන නාහිමිපාණන් වහන්සේ, වෑවලදෙණිය පිරිවෙන් විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍යපාද හෙම්මාතගම ශ්‍රී සිද්ධාර්ථ නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද හිටපු කතානායක කරු ජයසූරිය, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත්, තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදයකාන්ත ගුණතිලක, රාජිකා වික්‍රමසිංහ, අජිත් මාන්නප්පෙරුම යන මහත්ම මහත්මීන්, රාජ්‍ය නිලධාරීන් සහ විහාරස්ථ දායක සභාවේ සාමාජික සාමාජිකාවන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ