Spread the love

ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් නීති ආධාර ඉල්ලා ඇත්තේ දික්කසාද සහ නඩත්තු නඩු සඳහා බව ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව පවසනවා.

ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව පවසා සිටියේ මෙවැන්නක් 

‘‘ඉකුත් 2022 වසරේ දී පමණක් දික්කසාද නඩු 8431ක් සඳහා නීති ආධාර ලබා දී තිබෙනවා. දරුවන්, කාන්තාවන් හා වැඩිහිටියන් සම්බන්ධව නඩත්තු නඩු හා ගෘහස්ථ හිංසන නඩු කටයුතුවලදී ඔවුන්ගේ ආදායම් වාර්තා කැඳවීමකින් තොරව නීති ආධාර ලබා දෙනවා. ජනගහනයට සාපේක්ෂව සැලකීමේ දී වැඩිම නඩත්තු නඩු සංඛ්‍යාවක් නැගෙනහිර පළාත තුළින් වාර්තා වෙනවා.’’ යැයි ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (නීති) නීතිඥ කෞශල්‍යා හපුආරච්චි සඳහන් කළාය.

‘‘2011 වසරේ සිට 2021 වසර දක්වා වසර 10ක කාලය තුළ පුද්ගලයන් අනූ නව ලක්ෂ දහසය දහස් පන්සිය හතළිහකට (9916540) නීති ආධාර ලබාදී තිබෙනවා. ඉකුත් 2022 වසරේ දී පමණක් පුද්ගලයන් 169215ක් වෙනුවෙන් නීති උපදෙස් ද පුද්ගලයන් 49479 දෙනකු වෙනුවෙන් නඩු කටයුතුවලදී පෙනී සිට ඇතැයි ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළාය.