Spread the love

තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

මන්නාරම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ ඝාතනයට ලක්ව ඇත.

පෞද්ගලික ආරවුල් හේතුවෙන් පහරකෑමට ලක්ව ඔහු රෝහල් ගතව සිටි දී මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඊයෙ පස්වරුවේ නාදුනන පුද්ගලයන් කිහිප දෙනකුගේ පහර දීමකින් ප්‍රතිකාර සඳහා මෙම පුද්ගලයා රෝහලට ඇතුළත් කර තිබිණි.

අද උදෑසන එම රෝහලේ වාට්ටුවට ඇතුළු වුන පුද්ගලයෙකු විසින් මෙම තරුණයාට තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇත.