Spread the love

කොළඹ මහනගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය තවදුරටත් නගරාධිපති නිල නිවසේ රැඳී සිටිමින් සිටී.

ඇය එම නිල නිවසින් ඉවත් වීම සඳහා තවත් මාස දෙකක කාලයක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මහ නගර සභාවේ නිල කාලය අවසන් වීමෙන් පසුව නගරාධිපතිනිය භාවිතා කළ නිල නිවස බාරදීම සඳහා මාසයක කාලයක් මින් පෙර ඉල්ලා තිබිණි.

නමුත් එම කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කර දෙන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඇය ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

ඒ සඳහා ආණ්ඩුකාරවරයාගේ ද අනුමැතිය හිමිව ඇත.

මේ අතර කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් නිකුත් කර ඇති ලිපියකින් දැනුම්දී තිබුණේ මාර්තු මස 20දා සිට නිල නිවසින් ඉවත් වන දිනය දක්වා වන කාලයට අදාලව ජල, විදුලි, දුරකථන හා වෙනත් පහසුකම් වලට බිල්පත් හිටපු නගරාධිපතිය විසින් පුද්ගලිකව ගෙවා දැමිය යුතු බවයි.