Spread the love

රේල් බස් රථයක් පීලි පැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව තිබේ.

පොතුහැර හා තලවත්තේගෙදර දුම්රිය ස්ථාන අතරදී මෙලෙස රේල් බස් රථයක් පීලි පැනීමකට ලක්ව තිබේ.

මාර්ගයට වැටී තිබූ පොල් ගසක රේල් බස් රථය වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ මහව සිට පොල්ගහවෙල දක්වා ධාවනය වෙමින් තිබූ රේල් බස් රථයයි.