Spread the love

යාපනය චෙම්මිනි ප්‍රදේශයේදී සහ මන්නාම පේසාලෙයි ප්‍රදේශයේදී සඟවා තිබූ කේරල ගංජා කිලෝ 18 ක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් කොට්ඨාශ අපාර්ධ විමර්ශන ඒකකය පවසයි.

චෙම්මිණි ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැරණි රේඩියෝවක් රැගෙන ගමන්කරමින් සිටියදී ඒ පිළිබඳව යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අදාල රේඩියෝව පරික්ෂා කිරීමේදී ඒහි සඟවා රැගෙන යන ලද කේරල ගංජා කිලෝ 03 ක් තිබී හමුවීමෙන් අදාල සැකකරුද අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අදාල කේරලගංජා තොගය ලබාගත් පුද්ගලයින් පිළිබඳව තොරතුරු අනාවරනය කරගත් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීණ් විසින් මන්නාරම පේසාලෙයි ප්‍රදේශයේ සිදුකල සෝදිසියකදී තවත් කේරල ගංජා කිලෝ 15 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු හා යතුරුපැදියක්ද අත්අඩංගුවට ගැනමට හැකවිය.

අත්අඩංගුවට ගත් සැකරුවන් චෙම්මිණි සහ පේාලෙයි පදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීඹට පියවර ගෙන ඇතැයිද යාපනය පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒ්කකයේ නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.