Spread the love

මාතර හෙද විදුහලේ (නිල්වලා හෙද විදු පියස) සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 167 ක මුල්‍ය ප්‍රතිපාදන මත නවීන පහසුකම්වලිවන් සමින්විතව ඉදිකරන ලද සිව්මහල් පරිපූර්ණ දේශණ ශාලා සංකීර්ණය ඊයේ දින (23) හෙද අධ්‍යාපන කටයුතු සදහා විවර කර දීමට කටයුතු කෙරිනි.

මාතර හෙද විදුහල සංවර්ධනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 410 ක මුල්‍ය ප්‍රතිපාදන මත ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අද දින සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සිව්මහල් පරිපූර්ණ දේශණ ශාලා සංකීර්ණය විවෘත කිරිම සිදු විය. මීට ප්‍රථම රුපියල් මිලියන 165 ක වියදමින් නේවාසිකාගාර සංකීර්ණයක් සහ රුපියල් මිලියන 65 ක වියදමින් පරිපාලන ගොඩනැගිල්ලක් ලබාදීමට කටයුතු කර ඇත. මෙම දේශණ ශාලා සංකීර්ණය ලබාදීමත් සමග මාතර හෙද විදුහල අංග සම්පූර්ණ හෙද විදුහලක් බවට පත්වේ.

වර්තමානය වන විට ළමුන් 425 ක් හෙද අධ්‍යාපනය ලබන මාතර හෙද විදුහලට ලැබුනු මෙම නව දේශණ ශාලා සංකීර්ණය දේශණ ශාලා 04 කින් සමන්විතය. එක් දේශණ ශාලාවක එකවර ළමුන් 100 කට ආසන්න ප්‍රමාණයකට දේශණවලට සවන් දීමේ හැකියාව ඇත. පුස්තකාලයක්, තාක්ෂණික ඒකකයක්, ප්‍රායෝගික ක්‍රියාකාරම් අංශ 02 ක් සහ නවීන උපකරණ වලින් සමන්විත 200 කට පමණ රැස්විය හැකි ශ්‍රවණාගාරයක් ද මෙහි වේ.

.