Spread the love

දිවයිනේ අද (22) පෙරවරු 06.00 අවසන් වූ පැය 24 තුළ සිදුවූ මාර්ග රිය අනතුරු 07කින් පුද්ගලයන් 07 මියගොස් තවත් පුද්ගලයන් 04 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
බම්බලපිටිය ,කොල්ලුපිටිය ,පොතුවිල් ,බිංගිරිය ,කුච්චවේලි ,කඩුවෙල සහ මාන්කුලම් පොලිස් බල ප්‍රදේශ වල අනතුරු සිදුව තිබේ.

අනතුරුවලින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 43,69,77,36,20,68 සහ 47 වයස් වල පසුවන පුද්ගලයන්ය.
අනතුරු සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි