Spread the love

විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරීක්ෂා කිරීමට තීරණය කළ බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය පවසයි. නේවාසිකාගාරවල සිදුවන නවක වද සිදුවීම් වැළැක්වීම එහි අරමුණ වී තිබේ.

නේවාසිකාගාරවල රාත්‍රී 12.00 ත් අලුයම 05.00 ත් අතර කාලයේ නවක වදය වැඩි වශයෙන් ලබා දෙන බවට ලැබුණු තොරතුරු හේතුවෙන් මේ තීරණය ගෙන තිබේ. ඒ සඳහා විශ්වවිද්‍යාල විනායාරක්ෂක නිලධාරීන් හා ශිෂ්‍ය උපදේශකයින් යොදවන බව එම අමාත්‍යංශය පවසයි.
ඔවුන්ට අවශ්‍ය ගමන් කථන හා වාහන ලබාදීමට සැලසුම් කර තිබේ. විශ්වවිද්‍යාලවල නවක වදය වැළැක්වීම සඳහා ජාතික කමිටුවක් ද මේ වනවිට පත් කර තිබේ.
නවක වද සිද්ධි පැමිණිලි කිරීමට වට්ස්ඇප් අංකයක් ද හඳුන්වා දී ඇති අතර ඒ සඳහා ද පැමිණිලි ලැබෙමින් ඇතිබව රාජ්‍ය අමාත්‍යංශය පවසයි. එ අනුව ලැබෙන සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම කඩිනම් විමර්ශන ආරම්භ කරන බව උසස් අධ්‍යපන රාජ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.