Spread the love

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවට එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

බොහෝ දුරට එළඹෙන සතියේ මෙම දේශපාලන පිල් මාරුව සිදුවනු ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් ඉදිරි දින කිහිපයේ සිදු කිරීමෙව් පසුවයි.

එම ප්‍රකාශයෙන් පසුව ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කරන විශේෂ ප්‍රකාශයකින් ් අනතුරුව කැබිනට් අමාත්‍ය සංශෝධනයක් ද සිදුවනු ඇති අතර එහිදී රාජිත සේනානත්ත මහතාටද බොහෝ දුරට අමාත්‍ය ධුරයක් හිමිවනු ඇතැයි ද දැනගන්නට තිබේ.

රාජිත සේනාරත්න මහතා සමග විපක්ෂයේ තවත් මන්ත‍්‍රීන් පිරිසක්ද ජනාධිපතිවරයා සමග එක්වනු ඇති බවද එම වාර්තා කියා සිටියි.