Spread the love

කෝපි (Coffee)

Coffea arabica

ඉතියෝපියානු සම්භවයක් ඇති ලොව සුපතල පානයක් වන කෝපි ශ්‍රී ලංකාවේ ආර්ථික භෝගයක් ලෙස හඳුන්වා දීමට පේරාදෙණිය උද්භිද උද්‍යානය මූලික විය.

කෝපි වාණිජ භෝගයක් ලෙස වඩාත් ප්‍රචලිත කිරීමේදී පේරාදෙණිය භූමිය වඩා සුදුසු ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇත. මෙයට පෙර වුවද ලංකාවේ මෙම ශාක තිබී ඇතත් පානයක් ලෙස භාවිතා නොවීය. \

කෝපි වගාව හඳුන්වා දීම  සමඟ ලංකාවේ සමාජයට වූ ප්‍රධානතම බලපෑමක් ලෙස ඉන්දීය කම්කරුවන් ලංකාවට ගෙන ඒම හේතුවෙන් ජන සංයුතිය වෙනස් වීම සිදුවූ අතර, ලංකාවේ මධ්‍ය කඳුකරයේ වනාන්තර එළිපෙහෙලි වීම හේතුවෙන් සිදු වූ පාරිසරික හානියද සුළු කොට තැකිය නොහැකිය.

වගාවට පළිබෝද හානි සිදුවූ අවස්ථා වලදී ද උද්‍යානය මඟින් වගා කරුවන්ට අවශ්‍ය දැනුම ලබා දී ඇත. උද්‍යානයේ මුල් අවධියේදී හඳුන්වා දුන් කෝපි ශාක කිහිපයක් අදටත් කුළුබඩු ශාක එකතුවේ දක්නට ඇත.

මෙම වගාව Hemileia vestatrix නම් දිලීරය මඟින් ඇති වූ මලකඩ රෝගය හේතුවෙන් ලංකාවේ ලාභ ලබන වගාවන් අතුරින් ඉවත් විය.

රචනය – ඉරේෂා විජේරත්න

සංස්කරනය – ආචාර්ය අචලා අත්තනායක

ලබන සතියේත් රාජකීය උද්භිද උද්‍යානයෙන් මෙවැනිම වටිනා ශාකයක් පිළිබද ලිපියක් බලාපොරොත්තු වන්න-නිමල් රාජපක්ෂ-