Brownea grandiceps
Amherstia වලට සමාන දිගු එල්ලා වැටෙන ලපටි පත්‍ර සහිත මෙම Fabaceae ශාක කුලයට අයත් ශාක වල වසරේ විවිධ කාලවලදී දීප්තිමත් රතු පැහැ පුෂ්ප මංජරි දරයි.

1870 වසරේදී රාජකීය උද්භිද උද්‍යානය මඟින් ලංකාවට හඳුන්වාදී ඇත. ත්වේට්ස් ස්මාරකයේ සිට උද්‍යානයේ නැගෙනහිර මාවත දක්වා දිවෙන මඟ දෙපස රෝපිත Brownea මාවත 1900 දී උද්‍යානයට හඳුන්වා දෙන ලද්දකි.
උද්‍යානයේදී බීජ වලින් ප්‍රරෝහනය කරන මෙම ශාක සඳහා අදටත් ඉහල ඉල්ලුමක් පවතී.
සංස්කරණය – ආචාර්ය අචලා අත්තනායක ,
ජායාරූපය – අයි.විජයරත්න
ලබන සතියේත් රාජකීය උද්භිද උද්‍යානයෙන් මෙවැනිම වටිනා ශාකයක් පිළිබද ලිපියක් බලාපොරොත්තු වන්න-නිමල් රාජපක්ෂ-