Spread the love


කලුකැන්ද
Diospyros atrata


Ebenaceae ශාක කුලයට අයත් මීටර් 25 ක් පමණ උසට වැඩෙන ශාකයකි. තෙත් සදාහරිත වනාන්තර වල මධ්‍යම උන්නතාංශයක උප වියන්ස්ථරයේ දක්නට ලැබේ. සීමිත ස්ථානවල පමණක් පැවතීම හේතුවෙන් 1999 සහ 1993 වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂ ලැයිස්තුවේ දැඩි ලෙස තර්ජනයට ලක් වූ (CR) ශාකයක් ලෙස වර්ගීකරණය කර ඇත.


පසුව 2012 සහ 2020 දී ශ්‍රී ලංකාවේ තර්ජනයට ලක්ව ඇති ශාක පිළිබඳ ජාතික රතු දත්ත ලැයිස්තුවේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් (EN) ලෙස වර්ගීකරණය කර ඇත.
රාජකීය උද්භිද උද්‍යානයේ පවතින මෙහි පැරණිම ගසකින් ලබා ගත් බීජ වලින් පැළ නිෂ්පාදනය කර පොදු ස්ථාන වල සංරක්ෂණය කිරීමට ලබාදී විතැන් සංරක්ෂණ ක්‍රමය සඵල කර ගැනීමට කටයුතු කිරීමෙන් වඳ වී යාමේ තර්ජනය අඩු වූ විශේෂයකි.
සංස්කරණය – ආචාර්ය අචලා අත්තනායක ,

ජායාරූපය – පී. අබේසිංහ

ලබන සතියේත් රාජකීය උද්භිද උද්‍යානයෙන් මෙවැනිම වටිනා ශාකයක් පිළිබද ලිපියක් බලාපොරොත්තු වන්න-නිමල් රාජපක්ෂ-