Spread the love

රට වැටුණු මොහොතේ රට ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂය සහ දෙමළ ජාතික සංවිධානයේ සහයෝගය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මංත්‍රී වජිර අබේවර්ධන මහතා
එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් මහා සම්මේලනය අමතමින් පැවසීය.

රට තවදුරටත් ඉස්සරහට ගෙන යාම සඳහා සියලු පක්ෂ වල සහයෝගය ලැබීය යුතුය.

සියලු පක්ෂ එක්කර ගනිමින් රට සංවර්ධනය කිරීම රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ වී තිබේ.

රට යළි ආර්ථික අර්බූදයකට යාමට ඉඩ ලබා නොදිය යුතුය.

ලෝකයේ රටවල් අතර බලවත් රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමට පක්ෂ පාට භේදයකින් තොරව සෑම දෙනා සහයෝගය ලබාදිය යුතු බව පැවසීය.