Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් හෙට දිනයේ කඩවත පැවැත්වීමට නියමිත රැලිය වර්ජනය කිරීමට ගම්පහ දිස්ත‍්‍රික් ප්‍රබලයන් රැසක් තීරණය කොට ඇතැයි වාර්තා වෙයි.

එම රැස්වීමට ‌සහභාගී නොවන බව රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ සහ ප්‍රසන්න රණවීර යන මහත්වරුන් දැනටමත් දැනුම් දී ඇති බව පැවසේ.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ පොහොට්ටුවේ ආසන සංවිධායකවරුන් පිරිසක්ස එම රැස්වීමට සහභාගී නොවන බව දන්වා ඇතැයි වාර්තා වෙයි.

කඩවත ජන හමුවට පැමිණෙන ලෙස පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් ප‍්‍රබලයෙකු බියගම පොහොට්ටු සංවිධායකවරයා වෙත කතා කොට ඇති අතර හෙතෙම එම ආරාධනාව ප්‍රතික්ෂේප කර තිබේ. මෙහිදී දෙදෙනා අතර උණුසුම් සංවාදයක්ද සිදුව ඇති බව වාර්තා වේ.

එම උණුසුම් සංවාදය බියගම සංවිධායකවරයා විසින් පටිගත කොට පක්ෂයේ ප්‍රධානීන් වෙත ලබා දීමට පියවර ගෙන ඇති බවද දැනගන්නට ඇත.

මීට අමතරව ගම්පහ පොහොට්ටුවේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් 19 දෙනකු සිටින අතර ඉන් වැඩි පිරිසක් මෙම රැස්වීම වර්ජනය කිරීමට තීරණයෙ කොට ඇති බව දැනගන්නට තිබේ.