Spread the love

මුල්කිරිගල ගුණරත්න

රන් ආලේපිත රිදී කඩුවක් ලග තබා ගෙන සිටි හිටපු දකුණු පළාත් සභා (එ.ජා.ප) මන්ත්‍රීවරයකු ඊයේ07) සවස ලුණුගම්වෙහෙර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ ප්‍රදේශයේ අයෙකු රන් ආලේපිත කඩුව තිස්සමහාරාම ප්‍රදේශයේ අයෙකුට ලබා දෙන ලෙස පවසා තමාට බාරදුන් බවත් දෙදෙනාම නොහදුනන බවටත් සැකකරු ප්‍රකාශ කරන බව උසස් පොලිස් නිළධාරියෙකු පැවසීය


සැකකරු අද (8) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි ලුණුගම්වෙහෙර පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .