Spread the love

යාපනය මහනුවර ඒ – 9 ප්‍රධාන මාර්ගයේ මාන්කුලම් සහ කනගරායන්කුලම් අතර ප්‍රදේශයේදී ටිපර්රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිව් දෙනෙකුට තුවාල සිදුව ඇතැයි මාන්කුලම් පොලීසිය පවසයි.

කිලිනොච්චිය සහ වව්නියාව දෙස සිට මෙම ටිපර්රථ දෙක අධික වේගයකින් ධාවනය වී ඇති අතර ඒහිදී මාන්කුලම් සහ කනගරායන්කුලම් අතර මාර්ගයේදී ධාවනය වූ යතුරුපැදියක් පසුකොට ටිපර් රථයක් ධාවනය කිරීමට උත්සහ කිරීමේදී වේගය පාලනය කරගැනීමට නොහැකි ඉදිරියෙන් පැමිණි තවත් ටිපර්රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

ඒහිදී ටිපර්රථ දෙක ගැටීම හේතුවෙන් ඒයට යතුරුපැදියද මදි වී ඇති අතර යතුරුපැදියේ ගමන්ගත් අඹුසැමියුවල බරපතල තුවාල ලබා ඇති අතරම ටිපර්රථ දෙකේ රියදුරන් සුලුතුවාල ලබා ඇතැයිද අනතුරින් ටිපර්රථ පෙරලී බරපතල හානි සිදුව ඇතැයිද පොලීසිය පැවසීය.

බරපතල තුවාල ලැබූ අඹුසැමි යුවල මාන්කුලම් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව මහරෝහලට මාරුකොට යවා ඇති අතර අනතුර සම්බන්ධයෙන් මාන්කුලම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.