Spread the love

මෙවර ජනාධිපතිවරණය තිරණාත්මක විප්ලවයක් බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය.

චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ හැටන් නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති රැස්විමක් අමතමිණි.

මෙහිදි අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ

අනාගතය අපේ නම් අරගල කල යුත්තේ අපි, මේ ජනාධිපතිවරණය කියන්නේ විප්ලවිය වෙනසක්.

ඒ නිසා කතිරය ගහද්දි හොදට හිතලා ගහන්න අවශ්‍යයි, මේ පැලැන්තිය පන්නා දැමිය යුතුයි, අපිට ලැබෙන්න තියෙන සුභ ආරංචිය එයයි.

රක්ත වර්ණ බලවේගයට හැර වෙන කිසිවෙකුට ජනතාවට සේවය කරන්න බැ, සියළුම ජනතාව තොරාගනිමින් ඉන්නේ රතු බලවේගයක්.

මේ කදුකරට බිලිගෙන ඉන්නේ තැරැව්කාර පැලැන්තියක්, රනිල් වික්‍රමසිංහ ආරංචිය සුභයි කියලා කියපු බොරුව හැමෝම දන්නවා.

අපිට ණය ගෙවන්න පුළුවන් රටක්ද? ණය ගෙවිමට හැකියාව තියෙනවාද කියලා සොයා බලන්නේ නැතුව ඒකාධිපති කමින් තිරණය කරන්න ජන වරමක් නැති රනිල් වික්‍රමසිංහට තියෙන බලය මොකක්ද?

රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ කණ්ඩායම ණය ගත්තේ කාටද මෙච්චර? අපිටද ? වැඩිපුරම ණය ගත්තේ සිමෙන්ති ගල් වලට ඒවගෙන් කොමිස් ගහලා සොරකම් කලා.

ඒ සල්ලි පිටරට බැංකු වල දාලා උන් සුරසැප විදිනවා අපි අන්ත දුක් විදිනවා, අන්තිමට ණය ගෙවන්න ඕනි අපි.

අද අපේ රටේ ජනතාව විශාල වශයෙන් බදු ගහලා, අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලේම මිල වැඩි ජනතාවට ජිවත් වෙන් බැ.

ලංකාවේ 30% අන්ත දුගින් බවට පත් වෙලා තියෙනවා, 27% ක් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගන්න ණය වෙනවා , 20% ගත්ත ණය ගෙවන්න ණය වෙනවා යනුවෙන් පැවසිය.