Spread the love

රත්මලාන ගොළුමඩම හන්දියේදී මාතර සිට කොළඹ බලා ධාවනයවූ පෞද්ගලික බස් රථයක ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරකට ලක්වී ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ බස් රථයේ කොන්දොස්තරවරයා ප්‍රතිකාර සදහා රෝහල්ගත කර තිබේ.

බස් රථයේ තිරිංග අක්‍රීයවීමෙන් අනතුර සිදුවී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණයවෙයි.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මංතීරු දෙක වෙන්කෙරෙන දූපත් කොටසේ ඇති මැද යකඩ වැට කඩාගෙන ගොස් නතරවී ඇත.

එහිදී යකඩ ආවරණ කොටස් 08ක් කඩාගෙන බස් රථය ඉදිරියට ධාවනයවී තිබේ.

අනතුරත් සමග මංතීරු දෙකේම රථවාහන තදබදයක් හටගෙන තිබූ බවද , රියදුරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.