Spread the love

රට වැටී සිටි තත්ත්වයේ සිට වත්මන් තත්ත්වය දක්වා ගෙන ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශාල පිටිවහලක් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අවිස්සාවේල්ල – නාපාවල ප්‍රදේශයේ පැවති වැඩසටහනට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම තම රජයක් යටතේ වෙනස් කරන බවට විපක්ෂ නායකවරයා මේ අවස්ථාවේ කරන ප්‍රකාශය පැරණි සටන් පාඨයක් බවත් , මේ අවස්ථාවේදී සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් මුදල් රජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එහිදී පවසා සිටියේ ය.
එහිදී තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ රට අසීරුවට පත්ව තිබූ අවස්ථාවේ මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම මගින් රටට හා ආර්ථිකයට සිදු වූයේ යහපතක් මිස අයහපතක් නොවන බවයි.
කෙසේ වෙතත් ජනප්‍රියත්වයට උදෙසා සිදු කරන මෙවැනි ප්‍රකාශ මගින් රටට සිදුවන යහපතක් නොමැති බවද අමාත්‍යවරයා එහිදී සදහන් කළේ ය.