Spread the love

..

රට යළි නැගී සිටීමට හේතු වුූයේ සියලු දුෂ්කරතා විඳ දරාගනිමින් උපේක්ෂා සහගතව සිටින ජනතාව නිසා බවත් ඔවුන්ට කෘතඥතාව පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනතාව වෙනුවෙන් උපරිම ලෙස කැපවීම රජයේ අපේක්ෂාව බවයි. 2024 අයවැය විවාදයේ අවසන් කතාව කරමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

මීට වසර එක හමාරකට පෙර බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශ කළ රටක් සියලු ණය හිමි රටවල එකගාතව මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ද හිමි කර ගැනිම සතුටට කරුණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා අනුව යමින් සිදු කළ ප්‍රතිසංස්කරණ මෙරට ආර්ථිකයට ධනාත්මක බලපෑමක් එල්ල කළ ඇතැයි ද අමාත්‍යවරයා පැවැසීය. 2022 වසරේ අවසානයේ 57.2% පැවැති උද්ධමනය අද වන විට 3.4% දක්වා පහත බැස තිබේ. 719000ක් වූ විදේශ සංචාරයකන් ප්‍රමාණය 1276000 දක්වා ඉහළ ගොස් ඇති බව කියා සිටි සියඹලාපිටිය මහතා පෙන්වා දුන්නේ විදේශ ප්‍රේෂණ ද ඇඩො මිලියන 3789 සිට මිලියන 5399 දක්වා ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා පැවැසුවේ. 2022 වසරේ ද අවසානයේ ඍණ 895ක මට්ටමේ පැවැති ප්‍රාථමික ගිණුමේ ශේෂය මේ වන විට ධන 225 දක්වා ඉහළ ගොස් ඇති බව ද කියා සිටියේ ය.

වැට් බදු ඉහළ නැංවීම ජනතාවට බරක් බව පිළිගන්නා බවත් හැකි පළමු අවස්ථාවේ දීම බදු බර පහත හෙලා ජනතාවට සහන ලබා දීමට සූදානම් බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.