Spread the love

වත්මන් ගැටළුවලට විසඳුම් සොයමින් රට යළි ගොඩනැඟීමේ දී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසසයි..

306 C–2 ලියෝ සමාජය සඳහා දීපව්‍යාප්තව සාමාජිකයන් 6,500ක් බඳවා ගැනීම සහ ලියෝ දිනය වෙනුවෙන් අද (11) පෙරවරුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කලේය.

රට ආර්ථික සහ දේශපාලන වශයෙන් ඉතා ගැටළුකාරී තත්ත්වයක පැවති අවස්ථාවකදී වුවද තමා රට භාරගැනීමට ඉදිරිපත් වූයේ තරුණ තරුණියන්ට යහපත් අනාගතයක් ගොඩනගාදීමටයි.

ඒ අනුව තීන්දු තීරණ ගත යුත්තේ අද ගැන සිතා නොව තවත් වසර 25ක ඉදිරිය ගැන සිතා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.