අද පෙරවරු 7.00 සිට දිවයින පුරා රෝහල්වල සෞඛ්‍ය වෘත්තීයවේදීන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
බව සෞඛ්‍ය වෘත්තීයවේදීන් ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ සිය වැටුප් විෂමතා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා මෙම පියවර ගත් බවය.
නමුත් හදිසි අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක සේවාවන් පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් සියලුම පිළිකා, මාතෘ හා වකුගඩු රෝහල්, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ද මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බව ද ඔහු සදහන් කරයි.