Spread the love

හිංසාවාදය අපේ දේශපාලනයේ නැහැ. අවිහිංසාවාදී දේශපාලන ජයග්‍රහණයකට කැපවෙලා ආණ්ඩුව මේ අභියෝගය භාරගත්තා’ යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන සිදු කරන බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදාදීමේ වැඩසටහන පිළියන්දල , මාවිත්තර දී සහ හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගනයේදී සිදුකළ අවස්ථාවේදිය.

වසර එකහමාරකට කලින්ආර්ථික අර්බුදය හමුවේ මුළු රටේම ජනතාව බොහොම ධෛර්යවන්තව හිටියා. මෙවැනි අර්බුදයකට රට මුහුණ දුන්නා කියලා අපේ ජීවිත කාලේ අහල නැහැ. අපේ වැඩිහිටියෝ මෙවැනි තත්ත්වයකට මීට කළින් මුහුණ දුන්නේ දෙවෙනි ලෝක යුද්ධ කාලේ කියලයි අපි අහල තියෙන්නේ තියෙන්නේ. එදා අපේ ගොවි ජනතාව එවකට තිබුණු වතු ආහාර නිෂ්පාදනයට එකතු කරලා ආහාර නිෂ්පාදනයෙන් ඒ අර්බුදයට මුහුණ දුන්නා.

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පස්සේ අපිට කොරියාව ගැන ලොකුවට අහන්න ලැබුණා. දෙවන ලෝක සංග්‍රාමය හමාරවෙලත් කොරියාවට බෝම්බ දැමීම දිගටම සිදු කෙරුණා. කොරියාව උතුරු සහ දකුණ ලෙස බෙදුන රටවල් දෙකක් වුණා. නමුත් කොරියානු ජනතාව ග්‍රාමීය ආහාර නිෂ්පාදනයට මුල් තැන දීලා ඒ රට ආහාරයෙන් සුපෝෂිත කළා පමණක් නොව අතිරික්තයක් නිෂ්පාදනය කරන රටක් බවට පත්වුණා. නව දැනුම එක් කර ගනිමින් කොරියාව දියුණු කාර්මික රටවල් අතරට පැමිණියා. විදේශ විනිමය අතිරික්තයක් තියෙන රටක් බවට කොරියාව තම රට පරිවර්තනය කරගන්නට පුළුවන් වුණ නිසා ජාත්‍යන්තර ආර්ථික අර්බුදවලදී ඊට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් ඔවුන්ට තියෙනවා.

ගමේ ආදායම් පරතරය අඩු කරලා පහළ ආදායම් ලබන සැමදෙනාට හොඳ ආදායම් තත්වයකින් සම්පූර්ණ වෙන්න පුළුවන් වැඩ පිළිවෙලක් දියත් කළ යුතුයි. ඒ වගේම නව පරපුරේ බලාපොරොත්තු ඉටු වන දියුණුවකට තොරතුරු තාක්ෂණය, ඩිජිටල් ක්‍රමය, කාර්මික සංවර්ධනයන් යොමු කරගනිමින් ඒ රට වල දියුණුව ලැබීම පමණක් නොව අතිරික්තය නිසා අපි වගේ රටවල් වලට තවමත් සහයෝගය දෙනවා. තවමත් ණය දෙනවා. තවමත් උදව් උපකාර කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අපේ රටට මේ බිත්තර රැක්කවීමේ උපකරණ ලැබුණා. මෙම වැඩපිළිවෙළ ලංකාවේ සෑම මැතිවරණා ආසනයකම රට පුරා ක්‍රියාත්මක කරනවා.