Spread the love

විදෙස් රටවල් 7ක පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගාස්තු අය කිරීමකින් තොරව වීසා නිකුත් කිරීමට අදාළ කොන්දේසි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇත.

ඒ අනුව 2024 වර්ෂයේ මාර්තු 31 වනදා දක්වා චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මැලේසියානු සහ ජපන් ජාතිකයන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව මෙම වීසා ක්‍රමය ක්‍රියාත්මක වන බව සඳහන්

ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතිය සඳහා ඉල්ලුම් කළ යුතු අතර මෙම ක්‍රමය යටතේ සංචාරකයන්ට දින 30 ක ගාස්තු රහිත වීසා කාල සීමාවක් භුක්ති විඳිය හැකි බවයි වැඩිදුරටත් සඳහන්