Spread the love

ආණ්ඩුව නැවතත් මැතිවරණ කල් දැමීමේ උත්සාහයක නිරත වන බව සත්‍යය හා යුක්තිය උදෙසා නීතීඥයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ මනෝජ් නානායක්කාර පවසයි.

ඒ අනුව පැදුරු කඩමලු හකුලාගෙන ජනාධිපති මන්දිරයෙන් යාමට සිටින අවස්ථාවේ වත්මන් ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට රටට බලපාන දැවැන්ත ප්‍රතිසංස්කරණ ගෙන ඒමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

පවතින පාර්ලිමේන්තුව විකෘතියක් බවත්, වත්මන් පාර්ලිමේන්තුව තුළ ඇත්තේ ජනතාවගේ සැබෑ ජන මතය නොවන බවයි නීතීඥ මනෝජ් නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේ.