Spread the love


නිමල් රාජපක්ෂ-

හය වතාවකට පමණ ලංකාවට නීතිවිරෝධීව ගෙනල්ලා රේගුවේ විශේෂ විමර්ෂණ අවස්ථා වලදී අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල 18,765 ක් රේගු නිලධාරින් රැක දුන් නිසා රටට අහිමිවෙන්න ගිය කෝටි 17 ක් පමණ මුදල අපේ රටට රැකල දුන්නට රේගු නිලධාරීන්ට ස්තුති වන්ති වියයුතු බව වැඩ බලන මුදල් ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (22) ඔරුගොඩවත්ත RCT රේගු පර්යන්තයේ අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගනු ලැබූ නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විස්කි බෝතල් 18,765 ක් වැඩබලන මුදල් අමාත්‍යවරයානිරීක්ෂණ චාරිකාවට එක්වු අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 18,765 ප්‍රමාණයක් නීතිවිරෝධීව මෙරටට ගෙන්වලා තියෙනවා. මෙරටට ගෙන්වන විට තුන්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වනවා වටිනාකම. මේ සඳහා අයවිය යුතු බදු මුදල කෝටි 14 ත් ඉක්මවා යනවා. ඒ නිසා මේක වෙළෙඳපොළ වටිනාකම කෝටි 17 කටත් වැඩියි. මේක හය වතාවකට පමණ ලංකාවට නීතිවිරෝධීව ගෙනල්ලා තියෙනවා. ඒ අවස්ථාවලදී රේගුවේ විශේෂ විමර්ෂණ අවස්ථා වලදී අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් තමයි මේ තියෙන්නෙ. ඒ සඳහා ඒ නිලධාරීන්ට අපි ස්තුතිවන්ත විය යුතුයි.
රටට අහිමිවෙන්න ගිය කෝටි 17 ක් පමණ මුදල අපේ රටට රැකල දුන්නට. මෙච්චර කාලයක් මත්පැන් වාගේ අත්අඩංගුවට ගත් දෙයක් එහි වටනාකම අපට ගණනය කරන්න ක්‍රමවේදයක් අපට තිබුණේ නෑ. එහි ප්‍රමිතිය පිළිබඳව අපට ප්‍රශ්න තිබුණා. විශේෂයෙන්ම සුරාබදු කොමසාරිස් වරයා එක්ක කථාකරලා තරගකාරී වෙළෙඳපොළට මේක නිකුත් කරන්න රේගු අධ්‍යක්ෂ ජනරාල්තුමන් කටයුතු කරලා තියෙනවා. ඊළඟ වෙන්දේසියේදී බලපත්‍ර සහිත සුරාබදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙච්ච බලපත්‍ර හිමියන්ට ප්‍රසිද්ධ වෙන්දේසියේදී තරගකාරී මිලකට මෙම මත්පැන් බෝතල් ලබාගන්න පුළුවන්. ඒකෙන් රජයට අහිමිවෙන්න ගිය විශාල බදු මුදලක් නැවත රටට හිමිවෙනවා. ඒ වගේම මින් ඉදිරියට මේ වගේ දේවල් කරන්න බොහෝ අය පෙළඹවෙන එකක් නෑ මෙවැනි සොයා බැලීම් නිසා.

විවිධ රාජ්‍ය ආයතන වල යන වෙන්දේසි අපි දකිනවා සීමාසහිත පිරිසක් තමයි මිලදී ගැනීමට මේ තරගකාරිත්වයට සහභාගී වෙන්නේ. නමුත් රජය බලාපොරොත්තු වන්නේ ඉතා විවෘත තරගකාරී වෙළෙඳපොලක් තුලින් තමයි ඒ රාජසන්තක කරන ලද දෙය විකුණා ගැනීමෙන් ලාභය ලබාගැනීමට. සීමිත කණ්ඩායම් ප්‍රමාණයකට පමණයි මේ වනතෙක් වෙන්දේසි වලට අවස්ථාව හිමිවූයේ. සියළුම රේගුවේ වෙන්දේසි මාර්ගගත ක්‍රමයට ලංකාවේ ඉන්න ඕනම කෙනෙකුට සහභාගී වෙලා, මාර්ගගත ක්‍රමය හරහා මෙයට මුහුණදීලා කිසිදු තර්ජනයක්, ගර්ජනයක් නැතුව තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමට . අපි දෙසැම්බර් මාසය වනවිට ඒකට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරලා මේ අවස්ථාව ලබාදෙන්න සුදානම්.

මේ වනකොට විශාල වශයෙන් චෝදනාවක් තියෙනවා මෙරටට භාණ්ඩ ආනයනය කරන කොට රේගුවෙන් සිදුවන අකටයුතුකම් පිළිබදව. ඒ සඳහා රේගු අංගන තුළ සීසීටීවී කැමරා පද්ධති හරහා කන්ටේනර් විවෘත කිරීම සිට නැවත භාණ්ඩ ඇසුරුම් කිරීම දක්වා සියල්ලක්ම නිරීක්ෂණය කිරීමට කටයුතු කරනවා. මේ වනකොට කොටස් කිහිපයක සීසීටීවී කැමරා පද්ධති අපට දක්නට ලැබෙනවා.

මෙම අවස්ථාවට රේගු අධ්‍යක්ෂ ජනරාල් නෝනිස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.