Spread the love

මඩකලපුව සිප්පිමඩු විහාරයේ වාර්ෂික කඨින පිංකම් මාලාවේ අවසන් දිනය අදයි.

අම්පාර දිස්ත්‍රික්කයේ පියංගල ප්‍රදේශයේ කඨින චීවරය තැන්පත් කර තිබූ අතර ඊයේ දිනයේදී අලංකාර පෙරහැරක් මගින් කඨින චීවර රාජයාණන් වහන්සේ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි සිප්පිමඩු ප්‍රදේශයට අලංකාර පෙරහැරකින් වැඩම කරන ලදී

ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන් වැඩම කරපු කඨින චීවරය ඊයේ දිනයේදී තැන්පත් කරනු ලැබුවේ උන්නච්චිය හමුදා කඳවුරේ.

අද පෙරවරුවේ හමුදා කඳවුරේ සිට කඨින චීවරය මඩකලපුව සිප්පිමඩු විහාරය වෙත වැඩම කරවීම සිදු කරනු ලබයි.

පිංකමට විශාල බෞද්ධ ජනතාවක් එක්ව සිටින අතර ප්‍රදේශයේ දමිල ඡනතාව ඊට ඉහල ප්‍රතිචාරයක් දැක්වීම මෙහි දී විශේෂත්වයක්.

රට ජාතියට මෙන්ම රටෙහි සියලු පුරවැසියන්ට ආශිර්වාද කරමින් පින්කම් මාලාව අද දිනටත් ක්‍රියාත්මකයි