Spread the love

නුවරඑළිය ප්‍රදේශයට ගොස් ආපසු එමින් සිටි මට්ටක්කුලියේ කුඩු රොෂාන් ඇතුළු පිරිසක් සහ වාහන 02 ක් වරකාපොල පොලීසිය මගින් පසු ගිය දා අත්අඩංගුවට ගෙන තිබිණ.මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධවයි යුක්තිය මෙහෙයුම යටතේ සැකකරු ඇතුළු පිරිස අත්අඩංගුවට පත්ව තිබුනේ .එම පිරිස පෙරේදා වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට තිබුණු අතර එහිදී කුඩු රොෂාන් ඇතුළු 15 දෙනෙකු සඳහා රැඳවුම් නියෝග ලබාගෙන මේ වන විටත් ප්‍රශ්න කෙරෙමිනුයි පතින්නේ යැයි බස්නාහිර – උතුර කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා සඳහන් කළේය..

පවතින මෙම වටපිටාව තුළ ඔහු විසින් නීති විරෝධීව හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් මුදලින් මිලදී ගත් දේපොළ කිහිපයක් තහනමට ලක් කෙරිණ . ඒ අනුව තහනමට ලක්කෙරුණේ ජා ඇල , ඒකල , රජවත්ත ටෙරස් හි පිහිටි රුපියල් ලක්ෂ 240 ක් වටිනා නවීන නිවස හා රුපියල් ලක්ෂ 76 ක් වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථය ( video clip 01)යි . ඊට අමතරව කුඩු රොෂාන්ගේ සහෝදරයෙකුගේ නමින් නීති විරෝධීව මිලදී ගනු ලැබ ඇතැයි සැක කෙරෙන ජා ඇල , දකුණු නිවන්දම ප්‍රදේශයේ පිහිටි නිවස ( video clip 02)ඇතුළු දේපොළ ද තහනමට ලක් කෙරිණ . ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය මගින් බවද පැවසුවේය. .

මෙම නීති විරෝධී දේපොළ පරීක්ෂා කිරීම සඳහා බස්නාහිර – උතුර කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න, නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් නිලධාරීන් ද අද එහි පැමිණ සිටියහ.
.යුක්තිය මෙහෙයුම යටතේ විෂ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත විශාල පිරිසක් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව එහිදී මාධ්‍යට අදහස් දක්වමින් බස්නාහිර – උතුර කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.