ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් යාපනයේ ඉදි කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
ආණ්ඩුවේ මුල් වසර පහ කාලය ඇතුළත එම ක්‍රීඩාංගනයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කළ යුතු බවත් එම ක්‍රිකට් කණ්ඩායමේ සිංහල දෙමළ මුස්ලිම් අය සිටිය යුතු බවද ඒ මහතා පැවසුවේය.
ජාතික ජන බලවේගය විසින් යාපනයේදී සංවිධානය කර තිබූ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ජන රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
උතුරු පළාත තුළ ආයෝජන සිදු කරන ලෙස තමන් විදෙස් ගත දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා එහිදී තවදුරටත් කියා සිටියේය.