Spread the love


නිමල් රාජපක්ෂ-

යාපනය දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් කප්පම් ගන්නා කල්ලිය වහාම අත් අඩංගුවට ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (15) යාපනය පොලිස් ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
අද පෙරවරුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී පැවැති විශේෂ කෘෂිකාර්මික කමිටු රැස්වීමට සහභාගි වූ අමාත්‍යවරයාට ගොවි ජනතාව පැමිණිලි කළ අතර මෙතෙක් ඒ සම්බන්ධව පොලීසිය කිසිදු පියවරක් ගෙන නොමැති බව සඳහන් කළේය.
යාපනයේ ගොවීන් තම වගාවන්හි අස්වැන්න යාපනයේ වෙලඳපොලට අලෙවිය සඳහා ගෙන එන විට පිරිසක් සෑම දිනම සංවිධානය වී කප්පම් ලබා ගන්නා බව ඔවුහු පැවසූහ.
මෙම තත්ත්වය යාපනය, කොඩිකාමම්, හා සින්නවේලි මාර්කට්වල බහුල වහයෙන් සිදුවේ..කාලයක් තිස්සේ මෙම කප්පම් කල්ලිය ක්‍රියාත්මකය.
කෙසේ වුවද මේ සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් තමන්ට ඉදිරිපත්ව නැති බව පොලීස් නිලධාරින් සඳහන් කළේය.
නමුත් දැන් තොරතුරු හා පැමිනිල්ල මෙම කෘෂිකර්ම කමිටුවේ ඉදිරිපත්ව ඇති බැවින් මෙම කප්පම් කල්ලිය අත් අඩංගුවට ගැනීම සඳහා බුද්ධි අංශ නිලධාරීන් යොදවා හෝ පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
මෙම සාකච්චාවට උතුරු පලාත් ආන්ඩුකාර P.S.M. චාර්ල්ස් මහත්මියද සහභාගි වූවාය.