Spread the love

නිමල් රාජපක්ෂ-

යහගුණ පිරි දරුවකු සමාජගත කෙරෙන්නේ පෙර පාසල තුළිණි . අද සමාජය තාක්ෂණය අතින් දියුණු වුවත් කුඩා දරුවාගේ පටන් අහන්න දකින්න ලැබෙන්නේ හදවත කම්පා කරන සිද්ධීන්ය .මන්ද තාක්ෂණය අතින් දියුණු වුවත් සාරධර්ම අතින් පිරිහි යනු දක්කට ලැබෙයි .එවැනි යුගයක සාරධර්ම වලින් පිරි දරුවකු සමාජගත කිරීමට දැඩි පරිශ්‍රමයක් දරණු දිවුලපිටිය සාධනා පෙර පාසල තුළින් දැකිය හැකිය.

දෙමාපිය ඇසුරින් මිදෙන දරුවා සාරධර්ම වලින් හෙබි යහපත් ගුණගරුක දරුවකු ලෙස රටට දායාද කෙරෙන්නේ පෙරපාසල තුළින් බව දිවුලපිටිය හොරගස්මුල්ල සාධනා පෙර පාසලේ විදුහල්පතිණි අජන්තා විජේසිංහ මහත්මිය පැවසුවාය.


දෙමාපියන් පෙරපාසළට ඇරලවන දරුවාගේ ආරක්ෂාව ප්‍රථම කොට සැලකිය යුතුයි.එම නිසා නවීන තාක්ෂණය උපයෝගී කරනගෙන එනම් Q R කේතය භාවිතා කොට දරුවා පෙර පාසලට පැමිණි පසු ඹවුන්ට ලබාදී ඇති ආරක්ෂිත හදුනුම්පත ස්කෑන් කලවිට දෙමාපියන්ට දරුවා පෙර පාසලට පැමිණි බවට කෙටි පණිවුඩයන් යනු ඇත.


පෙර පාසළ තුළින් දරුවාගේ අධ්‍යාපනයට අමතරව ක්‍රීඩා කුසළතාවන්ට ද ප්‍රමුඛස්ථානයක් ලබා දීමට ද කටයුතු කෙරේ. දරුවකුට පෙර පාසල තුලින් ලබා දියහැකි සාරධර්ම තුළින් දෙමාපිය ඇසුරේදී පවා එය මැනවින් වැටහෙනු ඇත.

මුල් ළමාවිය සංවර්ධනයේදි දරුවා යහමගට නොගත හොත් අනාගතයේදි යහමගට ගැනීමට ඉතා අසීරු කරුණක් වනු නොඅනුමානායි. දරුවකුට ලබාදීයහැකි සියළුම අධ්‍යාපන කටයුතු ඇතුළු සියළුම අංගයන් නොපිරිහෙලා සාධනා පෙර පාසල තුළින් ලබා දෙන බවද විදුහල්පතිණි අජන්තා විජේසිංහ මහත්මිය පැවසුවාය.

සාධනා පෙර පාසලේ විදුලහල්පතිණිය බී.එච්.එම්.අජන්තා විජේසිංහ මහත්මිය , ඇතුළු ගුරු මණ්ඩලය දරුවන් යහඟමට ගැනීමට දැඩි වෙහෙසක් දරයි.

මෙම පෙර පාසල අන්අයටත් ආදර්ශයක් බවට එහි ගිය අපට වැටහුණි.

වීඩියෝව නරඹන්න subscribe කරන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න