Spread the love

දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වල පවතින වැසි සහිත කාලගුණ තත්වය හෙට (12) දිනයේ සිට වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.

ඒ අනුව බස්නාහිර ,සබරගමුව ,දකුණ,මධ්‍යම සහ වයඹ පළාත් වල මිලිමිටර් 50 ඉක්මවූ වැසි ඇතිවිය හැකිය.

නැගෙනහිර සහ ඌව පළාත් වලත් උතුරු මැද පළාතෙත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ලබන බදාදා (17) දක්වා නිරිත දිග කොටසේ වැසි සහිත කාලගුණ තත්වය පැවතිය හැකි බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.