Spread the love

හයිලෙවල් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා වන අයුරින් රාත්‍රී කාලයේ තරගයට යතුරුපැදි ධාවනයේ යෙදුණු පැදිකරුවන් එකොළොස් දෙනකු මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ගමන් ගත් යතුරු පැදි එකොළද පොලිසිය භාරයට ගෙන ඇති බව සඳහන්.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම පන්නිපිටිය කොට්ටාව ඇරැව්වල හා පිළියන්දල ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචි 18 – 30 අතර වයසේ පසුවන තරුණයන් පිරිසක්.

ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව නිලධාරී කණ්ඩායමක් අද අලුයම එම ස්ථානයට ගොස් මාර්ග බාධක යොදා යතුරු පැදි 11 සහ පැදිකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම යතුරු පැදි විවිධ වර්ගයේ යතුරු පැදි වන අතර ඒවායේ අධික ශබ්දය පිට වන ලෙස සැකසූ සයිලන්සර් , විවිධ වර්ගයේ නලා සහ විදුලි ලාම්පු සවි කර තිබූ බව සඳහන්.