Spread the love

නිදහස් දිනයේ (4) නිදහස සොයා යතුරු පැදියකින් පලායමින් සිටි වීරවිල එළිමහන් සිර කදවුරේ රැදවියෙකු දෙබරවැව පාසැල අසලදී අත් අඩංගුවට ගත් බව වීරවිල පොලිසිය පවසයි .
සිර කදවුරේ සේවය කරන පුනරුත්ථාපන නිළධාරියෙකුගේ යතුරුපැදියක් සොරාගෙන රැදවියා (04) දහවල් 12 ට පමණ බන්ධනාගාර නිළධාරින්ට හොර රහසේ පලාගොස් තිබේ .
පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වූ පලාගිය රැදවියා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මත්ද්‍රව්‍ය චෝදනාවකට සිර දඩුවම් නියමවූ අයෙකු බවද පොලිසිය පවසයි .
වීරවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි හම්බන්තොට ,තිස්සමහාරාම මාර්ගයේ පුංචි පාලම අසල හදිසි මාර්ග බාධකයක් යොදා රථවාහන පරීක්ෂාවේ යෙදුනු පොලිස් සැරයන් (60772) නිශාන්ත ප්‍රිය මහතා ඇතුළු නිළධාරියෙකු වීරවිල සිට තිස්සමහාරාම දෙසට යාමට පැමිණි යතුරු පැදියක් නැවැත්වීමට අණ කර තිබේ . පොලිස් අණ නොතකා පලාගිය යතුරු පැදිය පසුපස හඹා ගිය පොලිස් නිළධාරින් දෙබරවැව පාසැල අසලදී යතුරු පැදිය නවත්වා ගෙන තිබේ .
යතුරුපැදිකරුට ඔහුගේ අනන්‍යතාවය හෙලි කිරීමට සහ යතුරු පැදියේ බලපත්‍ර ඉදිරිපත් කිරීමට නොහැකිවූ නිසා අත් අඩංගුවට ගෙන පොලිසියට රැගෙන විත් ප්‍රශ්න කිරීමේදී ඔහු වීරවිල එළිමහන් සිර කදවුරෙන් පලායන රැදවියෙකු බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි .
වීරවිල පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .