Spread the love

පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය සැකපිට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් මෙලෙස ඝාතනය කර ඇති පුද්ගලයාගේ මළ සිරුර ගමන් මල්ලක බහා දඬුගම් ඔයට දමාගොස් තිබියදී පසුගිය දිනක සොයාගත්තේය.

අදාළ සැකකරුවන් විසීම් ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා පිටකොටුව ප්‍රදේශයෙන් මෝටර් රථයකට නංවාගෙන සීදුව ප්‍රදේශයට රැගෙන ගොස් මෙම ඝාතනය සිදුකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනෙකුද සිටින බව පොලීසිය පවසයි.