Spread the love

මෝඩයන් රැලක් මැද ඉන්න එකම උගතා තමන් බව ප‍්‍රකාශ කරන නිසා සජිත් ප්‍රේමදාස මහතාගේ සියලු අධ්‍යාපන සුදුසුකම් සභාවට ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

ප‍්‍රශ්න ඇසීම සම්බන්ධ විපක්ෂ නායකයාට චෝදනාවක් එල්ල වූ අවස්ථාවේ මන්ත්‍රීවරයා මෙම අභියෝග කෙළේය.

‘විපක්ෂ නායකවරයා කියන ආකාරයට පාර්ලිමේන්තුවේ ඔහු හැර අනෙක් සියලු දෙනා දෙනා නූගතුන්. මම දන්නවා එතුමා ගේ පියාට වඩා අධ්‍යාපනය ලැබූ අය තමයි මෙතන ඉන්නේ. එතුමාගේ පියා මේ රටේ ජනාධිපති වුණා. එතුමා ගේ අධ්‍යාපන සුදුසුකම් මේ රටේ මිනිස්සු දන්නවා.

එතුමා අනිත් අයගේ අධ්‍යාපන සුදුසුකම් බාල්දු කරනවා නම් ඔබතුමා ගේ අධ්‍යාපන සුදුසුකම් මේ සභාවට ඉදිරිපත් කරන්න. මොකද මේ සියලු විවාද රූපවාහිනි යනවා එතකොට. මිනිස්සු හිතන්නේ මෝඩයෝ රැළක් මැද ඉන්න එකම උගතා මෙයයි කියලයි. මම එතුමාට අභියෝග කරනවා අධ්‍යාපන සුදුසුකම් සභාවට ඉදිරිපත් කරන්න කියා’