Spread the love

කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක් කොටස් කර අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු නිට්ටඹුව ප්‍රදේශයේ දී ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමේදි අනුරාධපුර ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගත් මෝටර් රථය අමතර කොටස්වලට අලෙවි කිරීමට උත්සාහ කිරීමේ දී මෙලෙස අත්අඩංගුවට ගෙනඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 38 හැවිරිදි වියේ පසු වන එස්වැල්ල හා නෙළුම්දෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය විය.